Gossips

වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

වැල්ලවාය – හදපානාගල විද්‍යාලයේ පවතින ගුරු පුරප්පාඩුවලට විසදුම් ඉල්ලා එම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් පිරිසක් අද වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
එහිදී විරෝධතාකරුවන් අධ්‍යාපන කාර්යාලයේ ගේට්ටුව කඩා බිද කාර්යාල පරිශ්‍රයට පැමිණ විරෝධතාවයේ නිරත වී තිබෙනවා.
අනතුරුව, හෙට දිනයේදී පාසලට ගුරුවරුන් තිදෙනෙකු ලබාදීමට කටයුතු කරන බවට නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂවරයා දෙමාපියන්ට ලිඛිතව පොරොන්දුවීමත් සමග පැය 3 කට ආසන්න කාලයක් පැවති විරෝධතාව අවසන් කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.