Gossips

වැල්ලවාය ඉඳිගහමඩ කඳු රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය ඉඳිගහමඩම කඳු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ (1) රාත්‍රියේ හටගත් ගින්න තවමත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 80 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
කිසියම් පිරිසක් විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ.
ගින්න සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.