Gossips

වැල්ලවායේ රක්ෂිතයක ගින්නක්

වැල්ලවාය – ආනපල්ලම – සපුගොඩ – කදු රක්ෂිතයේ අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 20 ක් පමණ මේ වනවිට විනාශ වී ඇති බවයි මොනරාගල ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ.
ගින්න මැඩපැවැත්වීම සදහා පොලීසිය සහ ප්‍රදේශවාසීන් කටයුතු කරමින් සිටින අතර, ඒ සදහා යුද හමුදාවේ ද සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර කියාසිටියේ.
කිසියම් පුද්ගලයෙකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.