Gossips

වැල්ලවායේ නිධන් හෑරූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට

වැල්ලවාය – ඇතිලිවැව පැරකුම් මාවත ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ත්‍රිරෝද රථයක් සහ උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගත් බවයි.
අත්අඩංගුවට ගත් හාලිඇල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු හත්දෙනා අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සැකකරුවන් අවුරුදු 25 ත් 63 ත් අතර වයස්වල පසුවන හාලිඇල, බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශවල පදිංචිකරුවන්.