වැල්ලවාය – රන්දෙණිය ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ ටී – 56 වර්ගයේ ජීව උණ්ඩ 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (22) පොලීසිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් 23 සහ 41 හැවිරිදි වැල්ලවාය ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් බවයි පොලීසිය සඳහන් කළේ.
