Gossips

වැල්ලවායම කම්පා කරවූ මාරක ත්‍රිරෝද රථ අනතුර

rnවැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා
මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයක පිටුපස තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ තිරෝද රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.
අනතුරින් තිරෝද රථ රියදුරු මියගොස් ඔහුගේ බිරිද මෙලෙස බරපතළ තුවාල ලබා ඇති බවයි වැල්ලවාය පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයකු වන අතර මල සිරුර වැල්ලවාය මූලික රෝහලේ තැන්පත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.
අදාළ අනතුර සිදු වන ආකාරය අසල වෙලදසැලක සවි කර තිබූ cctv කැමරාවක සටහන් වී ඇති අයුරු පහතින්..
rn