Gossips

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනය සිදුකළ සැකකරු සොයා වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.