Gossips

වැරදි මත සමාජගත නොකරන්නැයි නිරික්ෂණ සංවිධාන ඉල්ලයි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශවීමත් සමග ප්‍රදේශ රැසකින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් පිළිබදව තොරතුරු වාර්තාවන බව මැතිවරණ නිරීක්ෂණ ජාල පවසනවා.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මේ වනවිට මැතිවරණ පැමිණිලි 20 ක් පමණ ලැබී ඇති බවයි.
මේ අතර, මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදවීම සම්බන්ධයෙන් වැරදි මත සමාජ ගත නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියා.