Gossips

වැරදි නිවැරදි කර ඉදිරියට යා යුතුයි

වත්මන් රජයට ජනතාව වගකීම් ලබා දුන්නේ පසුගිය රජයන් සිදුකල වැරදි නිවැරදි කරමින් යහපත් රටක් ගොඩනැගීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාසගේ 25 වන ගුණසැමරුමට කොළඹ අලූත්කඩේ අධිකරණ සංකීර්ණය අසල දී අද එක්වෙමින්.
හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාසගේ 25 වන ගුණසැමරුම සඳහා මහානායක ස්වාමීන් වහන්සේලා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියා.
නව අමාත්‍ය මණ්ඩලයක් සමගින් පසුගිය පෙබරවාරි මාසයේදී ජනතාව රජයට ලබා දුන් පණිවුඩය අනුව කටයුතු කරන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළේ.
එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමාදාස කියා සිටියේ රජයෝග ඇතැයි ඇතැමුන් පවසන නමුත් ජනතා කැමැත්ත නියම රාජයෝගය බවත්, කිසි දිනෙක ජනතා කැමැත්ත ඇති අය කුමන බාධක පැමිණියත් ඉදිරියට යන බවයි.