Gossips

වැරදි දිසාවෙන් ගමන් කළ හමුදා ට්‍රක් රථයක ගැටී නැන්දම්මා සහ බෑණා මියයයි

දොම්පේ – හංවැල්ල තිත්තපත්තර ප්‍රදේශයේදී හමුදා ට්‍රක් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවු අනතුරකින් එකම පවුලේ නැන්දම්මා සහ බෑණා මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රි 08යි 45 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
හමුදා ට්‍රක් රථය අපරික්ෂාකාරි ලෙස තවත් වාහනයක් පසුකරයාමට උත්සාහ කිරිමේදී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ ගැටී තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.