Gossips

වැරදි තොරතුරු දෙන පුද්ගලයින්ට දැඩි නෛතික ක්‍රියාමාර්ග

වැරදි තොරතුරු සපයන ඇතැම් මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.
පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පොලීසිය අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රජා පොලිස් සේවය ප්‍රතිස්ථාපනය සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ උත්සවයට කොළඹදී අද එක්වෙමින්.
මේ අතර කොළඹ ආරක්ෂක සමුළුව පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ සමාජ මාධ්‍ය පිළිබඳව බුද්ධි අංශ විමසිල්ලෙන් පසුවන බවයි.