Gossips

වැරදිකරුවන්ට දඩුවම් නියතයි – ජනපති කියයි

වංචාවට, දූෂණයට සහ අක්‍රමිකතාවට එරෙහි සටන සමග රටේ ජනතාව නිරන්තරයෙන් අත්වැල් බැදගෙන සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
වංචා දූෂණ සැමදා රහසක්ව නොපවතින බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
නියත වශයෙන්ම වැරදිකරුවන්ට ද`ඩුවම් විඳීමට සිදුවන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළේ නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත් වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින්.
නීතිවිරෝධී කටයුතු සහ අක්‍රමිකතා පිළිබදව කුමන බලපෑම් එල්ල වුව ද රාජ්‍ය නිලධාරින්ට ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
යහපාලනය යන වචනය කොතෙක් භාවිත කළත් මෙරට රාජ්‍ය පාලනය පිරිසිදු වූ බවට සහතිකයක් මෙතෙක් ජනතාවගෙන් ලැබී නොමැති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
රාජ්‍ය නිලධාරින් කෙරෙහි තමා පූර්ණ විශ්වාසයක් තබා ඇති බව ද, ජනාධිපතිවරයා සදහන් කළේ නව අමාත්‍යාංශ ලේකම්වරුන් දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී ඊයේ එක්වෙමින්.
මේ අතර, ජනපති – සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 45 වන දම් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණේ ගම්පහ – ජාත්‍යන්තර සාම විහාරය කේන්ද්‍ර කර ගනිමින්.
අද පෙරවරුවේ එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.