Gossips

වැය ශීර්ෂ පරාජය වූ වජිර සහය ඉල්ලයි

පසුගියදා පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වූ වැය ශීර්ෂයන් ලබන 5 වනදාට පෙර යළි සම්මත කරගැනීමට විපක්ෂය සහය ලබා නොදෙන්නේ නම් එහි වගකීම එම කණ්ඩායම විසින්ම භාරගත යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
අභ්‍යන්තර, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වූ අතර, ඒ පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
කෙසේ වෙතත් තම අමාත්‍යාංශයේ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශිර්ෂ පරාජයට පත්වුණේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගියදා ප්‍රකාශ කර තිබුණා.