අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවකගේ සහ වජිර අබේවර්ධනගේ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පරාජයට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළා.
එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මෙහිදී දැය රකින අරගලය වැඩ බිමෙන් අරඹමු යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන නිදහස් පක්ෂ මැයි දින රැළිය පිළිබදව ද නිදහස් පක්ෂ මහලේකම්වරයා අදහස් පළ කළා.