Gossips

වැනසෙන උරුමය

සංරක්ෂණ කටයුතු කෙරෙහි නිසි අවදානයක් නොවීම හේතුවෙන් ගඩලාදෙනිය රජමහා විහාරයේ අනාගතය ඉතිහාස පොතට පමණක් සීමා වීමේ අවදානමක් මතුව තිබෙනවා.
උඩුනුවර පිහිටි ගඩලාදෙනිය සද්ධර්මතිලක රජමහා විහාරය ක්‍රි.ව 1344 දී හතරවන බුවනෙකබා රජු විසින් ඉදි කරන ලද්දක්.
වසර 750 ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන මෙම රජමහා විහාරය විනාශ වීමේ අවදානමක් මේ වන විට මතුව තිබෙනවා.
මෙහි සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ මධ්‍යම සංස්කෘතික අරමුදලින් සිදුකෙරුණද එය සිදුවන්නේ ඉබි ගමනින්.
වසර 18 ක් තිස්සේ මෙහි සංරක්ෂ කටයුතු වනවා.
විහාරස්ථානයේ, ගෙඩිගේ විහාරයට ඉහලින් තාවකාලික ඉදිකර තිබුන ද ඒ හරහා ද ජලය කාන්දු වීමෙන් විහාරයේ ඇති ඉපැරනි බිති සිතුවම් මැකී යාමේ අවදානමක් මතු වී තිබෙනවා.