Gossips

වැඩ බිම්වල ඩෙංගු අවදානම ඉහළට

වැඩ බිම් සහ පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 44,556 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.
ඩෙංගු ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බවයි.