Gossips

වැඩි බලයක් පිහිටුවීමේ හැකියාව ගැන ඇමති ගාමිණී ජයවික්‍රම කියයි

එක්සත් ජාතික පක්ෂය සහ නිදහස් පක්ෂය එක්ව පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට වැඩි හැකියාවක් පවතින බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් හමුවෙන් පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින්.
එමෙන්ම පසුගිය ඉරිදා රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අමාත්‍ය ලක්ෂන් කිරිඇල්ල කොළඹ පිහිටි එම අමාත්‍යාංශයේ දී අද වැඩ භාර ගත්තා.
මේ අතර පවතින ආණ්ඩුව පලවා හරින ලෙස ඉල්ලමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පලාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අද එම පලාත් සභාව ඉදිරිපිට දේව කන්නලව්වක නිරත වුයේ පන්දම් රැගෙන දුම්මල ගසමින්.
අනතුරුව ඔහු පළාත් සභා පරිශ්‍රය තුලටද පිවිස යාතිකාවකද නිරත වුනා.
එමෙන්ම දකුණු පලාත් සභාවේ නව සභානායකයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චම්ලි විතානාච්චි අද පත් කර ගැනුනා.
ඒ, දකුණු පලාත් සභාව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් සිල්වාගෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි.
එම පළාත් සභාවේ සභානායක ලෙස කටයුතු කළ මනෝජ් සිරිසේන පසුගියදා දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා.