ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළකරමින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සහ හික්කඩුව නගර සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද (11) විරෝධතාවක නිරතවුනා.
රත්ගම නගරයේදී පැවති මෙම විරෝධතාවයේදී මන්ත්‍රීවරුන් පාපැදිවල නැගී විරෝධතා පුවරු රැගෙන කුමාරකන්ද දක්වා ගාලුපාර ඔස්සේ ගමන් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
එහිදී දකුණු පළාත් සභා මන්ත්‍රී සම්මු ආරියවංශ තිරික්කලයක නැගී ගමන්කරමින් විරෝධතාවයේ නිරතවුනා.
මේ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ද අද පස්වරුවේ තිරික්කලයක නැගී ගාල්ල නගරය දක්වා පැමිණියේ කවි කිහිපයක් ද ගායනා කරමින්.