Gossips

වැඩිම වර්ෂාපතනය ඇළහැරට

උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය පොළොන්නරුව – ඇලහැර ප්‍රදේශයට ලැබී තිබෙනවා.
එය මිලිමීටර 90 යි දශම 3 ක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.
ඊයේ දිනයේදී උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 යි දශම 3 වව්නියාව ප්‍රදේශයෙන්ද, අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 12 යි දශම 3 නුවරඑළිය ප්‍රදේශයෙන් ද වාර්තා වුණා.
යාපනය ප්‍රදේශයේ දහවල් කාලයේ උපරිම උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 3 කින් සහ කටුගස්තොට, කුරුණෑගල සහ වව්නියාව ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2 කින් ඉහළ ගොස් තිබූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.