Gossips

වැඩිපුර මුදල් අය කරන පෞද්ගලික සහ ලංගම බස් ගැන දැනුම් දෙන්න, දුරකථන අංක

උත්සව සමයත් සමඟ බස් රථවල වැඩිපුර මුදල් අය කරන බවට මගීන්ගෙන් චෝදනා එල්ල වනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි ජනතාවගෙන් ඉල්ලා සිටියේ එවැනි සිදුවීම් ඇත්නම් 1955 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කරන ලෙසටයි.
එමෙන්ම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ වලින් ද වැඩිපුර මුදල් අය කිරීම් සිදුකරන්නේ නම් ඒ පිළිබදව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහි සභාපති උපාලි මාරසිංහ මෙලෙස පැහැදිලි කළා.
ඔහු කියා සිටියේ 0117555555 සහ 0771056032 දුරකථන අංකවලට ඇමතීමෙන් පැමිණිලි දැනුම් දිය හැකි බවයි.