Gossips

වැඩබලන රජයේ ප්‍රවෘත්ති ජනරාල්වරයා ලෙස නාලක කලුවැව පත් කෙරේ

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධණ ඉවත් කර වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කලුවැව එම තනතුරට පත්කර ඇති බවයි.
ජනාධිපතිවරයාගේ නියමය පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඔහු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න අතින් සිය පත්වීම් ලිපිය භාරගත් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්