Gossips

වැඩකරන – වැඩකරපු 72 සැමරේ

එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සර සැමරුම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මේ වනවිට පැවැත්වෙනවා.
ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සරයේ තේමාව වන්නේ වැඩකරන – වැඩකරපු 72 යන්නයි.
අග්‍රාමාත්‍යවරයා ඇතුලූ පක්ෂ නායකයන් සිරිකොත මූලස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව අද පෙරවරු 9 ට පමණ සංවත්සර සැමරුම ආරම්භවූයේ සර්ව ආගමික වතාවත්වලින් පසුවයි.
ඉන් අනතුරුව පක්ෂයේ දිවංගත හිටපු නායකයන්ගේ ප්‍රතිමාවලට මල් මාල පළඳවා උපහාර දක්වනු ලැබුවේ අග්‍රාමත්‍යවරයා ඇතුලූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් විසින්.