Gossips

වැටුප් කොමිසම අනිද්දා රැස්වේ

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් පත් කළ වැටුප් කොමිසම ප්‍රථම වරට ලබන සදුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතයි.
එහිදී එම කොමිසමට පත් කළ නිලධාරින්ට අදාළ විෂයන් බෙදා දීමට නියමිත අතර, එහිදී සිදුකළ යුතු කටයුතු පිළිබදව වැඩිදුර සමාලෝචනයක් ද සිදුකෙරෙනු ඇති.
සාමාජිකයන් 15 දෙනෙකුගෙන් යුත් මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස එස්.රනුක්ගේ කටයුතු කරනවා.