Gossips

වැටුප් කොමිසම අද හෝ හෙට

සියලූම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වන කොමිසම අද හෝ හෙට පත් කෙරෙනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
එම කොමිසමට රාජ්‍ය පරිපාලන, අධ්‍යාපන සහ නීතිය යන ක්‍ෂේත්‍රවල ප්‍රවීනයින් ඇතුළත් වන බවයි වාර්තාවන්නේ.
එමෙන්ම මෙම කොමිසමේ සභාපතිත්වරයා ලෙස හිටපු විනිසුරුවරයෙකු පත් කිරීමට නියමිත බව සඳහන්.