Gossips

වැටුප් කොමිසමට යෝජනා 70 ක්

වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කොමිෂන් සභාවට ඉදිරිපත් වූ යෝජනා අතරින් වැඩි ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ලැබී ඇති බව එම කොමිසමේ සභාපති එස්.රනුක්ගේ ප්‍රකාශ කළා.
එම කොමිසමේ වාර්තාව පිලියෙල කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වන අතර, මේ වනවිට 70 කට අධික යෝජනා ප්‍රමාණයක් ලැබී ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඒ අතර වෘත්තීය සමිති සිදුකළ යෝජනා කිහිපයක් ද ඇතුළත්.
ජනාධිපතිවරයා විසින් පත් කළ මෙම වැටුප් කොමිසම මාස දෙකක් තුළ සිය නිර්දේශ ලබාදිය යුතු වනවා.