Gossips

වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා වතුකම්කරුවන් උද්ඝෝෂනයක (ඡායාරූප)

වතු කම්කරුවන්ගේ මූලික වැටුප වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් පිරිසක් අද තලවකැලේ නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක නිරතවුණා.
තලවකැලේ නගර සභාව අසළින් ආරම්භ කළ මෙම උද්ඝෝෂණයට දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සහ වතු වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම උද්ඝෝෂනය පැවැත්වෙන අවස්ථාවේ තලූවකැලේ නගරයේ සියලූ වෙළඳසැල් වසා දැමීමටද පියවර ගෙන තිබුණා.
දැනට වතුකම්කරුවෙකුට රුපියල් 500 ක මූලික වැටුපක් දිනකට හිමිවන අතර සියලූ දීමනා සහිතව රුපියල් 720 ක වැටුපක් ලබාගැනීම සඳහා ඔවුන් වැඩකරන දිනවලින් සියයට 90 ක් සේවයට වාර්තා කළ යුතුවනවා.
උද්ඝෝෂනයට එක්වූ ජාතික කම්කරු සංගමයේ සභාපති අමාත්‍ය පලනි දිගම්බරම් කියා සිටියේ වතු කම්කරුවන්ගේ ජීවන වියදමට සරිලන වැටුපක් ලබාදීමට වතු හාම්පුතුන් ක්‍රියා නොකළහොත් වතුකරය පුරා දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බවයි.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ