Gossips

වැටලීමක් අතරතුර පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්

කින්නියා – මනල්ආරු ප්‍රදේශයේ මහවැලි ගඟේ නීතිවිරෝධී වැලි ගොඩදැමීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර පලා යෑමට උත්සාහ කළ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැලි ජාවාරමේ නිරතව සිටි තවත් පුද්ගලයින් හතරදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි.
මේ වනවිට දියේ ගිලී අතුරුදන්වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.