පමුණුගම – මුතුරාජවෙල වෙල්යායේ කලක සිට පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ගිය කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරියෙකු උණුසුම් ගෝඩා පෑගීමෙන් දෙපා පිලිස්සී හදිසි අනතුරකට ලක්ව තිබෙනවා.
එම නිලධාරියා මේ වනවිට රාගම රෝහලේ ප්රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් 1800 ක්, මත් පැන් පෙරීමට යොදාගන්නා බැරල් 39 ක්, ගෝඩා ලීටර් 7500 ක් සහ තවත් උපකරණ කිහිපයක් සුරාබදු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.