Gossips

වැටලීමකට ගිය ජල ජීවී නිලධාරීන්ට ප්‍රහාරයක් (ඡායාරූප)

පදවිය වැවේ නීති විරෝධී දැල් භාවිතා කරමින් සිදුකරන මසුන් මැරීමේ ජාවාරමක් වැටලීමට ගිය ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ප්‍රහාරයක එල්ල එල්ල වී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් නිලධාරියෙකු පදවිය දිසා රෝහලට ඇතුළත් කර ඇතිබවයි වාර්තාවන්නේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ මහකනදරාව ජල ජීවී වගා ව්‍යාපෘතිට සම්බන්ධ නිලධාරියෙක්.
අද (22) දහවල් මෙම ප්‍රහාරය එල්ල වී ඇතිබවයි පොලිසිය පැවසුවේ.
ප්‍රහාරයට සම්බන්ධ සිව්දෙනෙකු පදවිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි අප වාර්තාකරු සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.