Gossips

වාහන 4 ක් එකිනෙක ගැටී 4 දෙනෙකුට තුවාල (ඡායාරූප)

හම්බන්තොට – සිරිබෝපුර ප්‍රදේශයේදී බස් රථයක්, මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ අධික වේගය සහ අපරීක්ෂාකාරි ලෙස වාහන එකිනෙක පසුකර යාමට උත්සාහ කිරීම මෙම අනතුරට හේතු වී ඇති බවයි.
තුවාල ලැබූවන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

ඡායාරූප – සූරියවැව නුවන් ජයසේකර