Gossips

වාහන 3 ක් යටකළ හමුදා තාප්පය (ඡායාරූප)

පවතින අධික වර්ෂාවත් සමග මහනුවර වඩුගොඩපිටිය විදිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ඉදිකර තිබු තාප්පයක් කඩා වැටීමෙන් එම මාර්ගයේ නවතා තිබු මෝටර් රථ තුනකට දැඩි හානි සිදුව තිබෙනවා.
අද සවස 6.33ට පමණ මේ අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
මෙම තාප්පය ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් ඉඩමක පිහිටා තිබු බවයි අප වාර්තාකරු පැවසුවේ.
කෙසේ නමුත් මේ අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.
මේ හේතුවෙන් එම අතුරු මාර්ගයේ ගමනාගමන කටයුතු හෙට උදෑසන දක්වා අත්හිටුවා ඇති බවයි පොලිසිය කියා සිටියේ.


(ඡායාරූප – කමල් සුරවීර – මහනුවර )