Gossips

වාහන 04ක් එකට ගැටුණු පානදුර – හොරණ මාර්ගයේ අනතුර

පානදුර – හොරණ මාර්ගයේ වාහන හතරක් ගැටීමෙන් අද (31) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් මාර්ගය අසල නවතා තිබූ මෝටර් රථ දෙකක සහ යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
පොලිසිය සඳහන් කළේ වෑන් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණු පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.