Gossips

වාහන මිල වැඩිවීමට හේතුව ඇමති කබීර් පහදයි

මෝටර් රථ බදු ඉහළ නැංවීමට මාර්ගවල රථවාහන තදබදයද හේතුවක් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් ඊයේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මුදල් අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ් එන්ජින් ධාරිතාව 1000 ට නොවැඩි මෝටර් රථවල නිෂ්පාදන බදු ඉහළ නංවා ඇති බවයි.
කෙසේ වෙතත් රටේ අවශ්‍යතාව මත රාජ්‍ය ප්‍රතිපත්ති විටින් විට වෙනස් කිරීමට සිදුවන බවයි අමාත්‍ය කබීර් හෂීම් මෙහිදී ප්‍රකාශ කළේ.