Gossips

වාහන මිල ඉහළ යයි – වැඩිවන මිල මෙන්න

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන ආනයනය නතර කිරීමට සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන වාහන සඳහා රුපියල් ලක්ෂ 3ක පමණ අමතර මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි.
ඉදිරියේ ගෙන ඒමට නියමිත අයවැයෙන් වාහන සඳහා බදු පැනවීමක් සිදු නොකළද දැනට පවතින තත්ත්වය හමුවේ වාහන මිල ඉහළ දැමීමට සිදුවන බවයි ඔහු ප්‍රකාශ කළේ.