වාහන කුලියට ලබාදෙන බව පවසා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයෙකු මොරටුව ප්‍රදේශයේදී ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු වාහන කුලියට ලබාදෙන ආයතනවලින් වාහන ලබාගෙන ඒවා නැවත කුලියට ලබාදී ඇති අතර, ඊට අදාළ මුදල් ගෙවීම් ද පැහැර හැර ඇති බවටයි හෙලිව ඇත්තේ.
මීට අමතරව කුලී පදනම මත ලබාගන්නා වාහනවල අමතර කොටස් ගලවා විකිණීම් සිදුකර ඇති බවට ද මොහුට විරුද්ධව පැමිණිලි ලැබී තිබෙනවා.
වාහන කුලියට ලබා ගන්නා මුවාවෙන් පැමිණ පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු 24 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
