Gossips

වාහන ආනයනයට නව සීමාවක්

රථවාහන ආනයනය සීමා කිරීම සඳහා රජය මගින් තවත් පියවරක් ඊයේ ප්‍රකාශයට පත් කළා.
ඒ, රථවාහන ආනයනය සඳහා වානිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවට නියෝගයක් පනවමින්.
වානිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන හැර අනෙකුත් සියලූ වාහන සඳහා මෙය වහාම ක්‍රියාත්මක වන පරිදි බලපවත්වනු ඇති.
මෑත කාලයේ රුපියල මත ඇතිවී තිබෙන පීඩනය සහ අනවශ්‍ය ලෙස අධික වශයෙන් මෝටර් රථ ආනයනය වැළැක්වීම සඳහා එම පියවර ගත් බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.