Gossips

වාහන ආනයනයට ඇමරිකානු ඩොලර් මිලියන 666 ක්

මේ වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා මාස 5 ක කාලය තුළ වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 666 ක් බව අනාවරණ වී තිබෙනවා.
එය, පසුගිය වසරේ ඒ සඳහා වැයවූ ඩොලර් මිලියන 316 ක මුදල දෙගුණවීමක්.
විශේෂයෙන් එම කාලය තුළ ආනයනය කළ වාහන වැඩි ප්‍රමාණයක් එනම් 45,000 ක් පමණ එන්ජින් ධාරිතාව දහසට අඩු ඒවා බව සඳහන්.
එමෙන්ම ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය සැළකූ විට ආනයනය කළ වාහනවලින් සියයට 86 ක්ම එන්ජින් ධාරිතාව දහසට අඩු ඒවායි.
වාහන ආනයනය සඳහා පසුගිය කාලය තුළ සීමාවන් රැසක් පැනවුණු අතර, ආනයනයකරුවන් පෙන්වා දෙන්නේ ඒ නිසා මෙන්ම රුපියලේ අගයද පහත වැටීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණදෙන බවයි.
මේ නිසා ඉදිරි කාලසීමාව තුළ සිය වාහන අලෙවිය සියයට 60 දක්වා පහත වැටිය හැකි බව ඔවුන් කියා සිටිනවා.