Gossips

වාහන අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු හෙලි වේ

කුලී පදනම මත ලබා ගන්නා වාහන අලෙවි කර මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු කුරුණෑගල – නාරම්මල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මොහු කාලයක් තිස්සේ කුලී පදනම මත ලබා ගන්නා වාහන ආපසු භාර නොදී ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කිරීමේ හෝ උකස් කිරීමේ ජාවාරමක නිරතව ඇති බවටයි.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි මහව කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සතුව තිබී ජාතික හඳුනුම්පත් දෙකක් සහ ව්‍යාජ රියදුරු බලපත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.