Gossips

වාහනයක ගැටුණු හඳුන් දිවියා

වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින හඳුන් දිවියකු වාහනයක ගැටීමෙන් අද (12) අලුයම මියගොස් තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ එප්පාවල – කැකිරාව මාර්ගයේ එප්පාවල පොදු සුසාන භූමිය අසල මියගොස් සිටියදී මෙම සත්වයා සොයාගත් බවයි.
අවුරුදු 05ත් 10ත් අතර වයසේ පසුවූ මෙම සත්වයා අඩි 03ක පමණ දිගකින් යුක්ත බව සඳහන්.
කැලෑ එළි පෙහෙළි කිරීම හේතුවෙන් ආහාර පාන සොයා මාර්ග හරහා ගමන ගන්නා මෙම සත්වයින් විශාල සංඛ්‍යාවක් වාහනවල ගැටීමෙන් මිය යන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.