Gossips

වාසුදේවට වෙනස් සිතුවිල්ලක්

මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන තුරු නොසිට වහාම ආණ්ඩුව වෙනස් කිරීමට කටයුතු කළ යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ කරන යෝජනාව පිළිබඳවද අදහස් දක්වමින්.
මීළඟ මහ මැතිවරණය වනතුරු වත්මන් ආණ්ඩුව පවත්වාගෙන යෑම ඒකාබද්ධ විපක්ෂයට වාසි සහගත බවට පළවන මතවාදයන් පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ එතෙක් නොසිට ජනතාව වෙනුවෙන් වත්මන් ආණ්ඩුව පෙරළා දැමිය යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන යෝජනා සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවද මෙහිදී ඔහු ප්‍රකාශ කළා.