Politics Sri Lanka

වාස් ගුණවර්ධනට බරපතල සිර දඬුවම්

වාස් ගුණවර්ධනට බරපතල සිර දඬුවම්

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිමට යාමේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතාට මරණීය තර්ජන එල්ල කිරිම පිළිබඳ චෝදනාවට වරදකරුවීමෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා වසර 05ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කර තිබේ.

ශානී අබේසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 06ක් යටතේ වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.

ඉන් මරණිය තර්ජන එල්ල කිරිමේ චෝදනාව මුළුමනින්ම ඔප්පුකර ඇති බැවින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (12) එම නියෝගය නිකුත් කර තිබේ.