කිලිනොච්චිය – ධර්මපුරම් – විශ්වමඩු ප්‍රදේශයේදී ට්‍රයිටන් වර්ගයේ වාලම්පුරි බවට සැක කෙරෙන මුහුදු බෙල්ලන් දෙදෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යතුරුපැදියක් නවතා පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම වාලම්පුරි සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරුවන් කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයන් වන අතර, ඔවුන් අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
