වාලච්චේන – විපුලානන්ද මාර්ගයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ක් සමඟ පස්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඊයේ මෙම කේරළ ගංජා තොගය හමුවූ බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක්ද සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.
මෙම පිරිස අවුරුදු 26ත් 39ත් අතර වයස්වල පසුවන සාලියපුර, වවුනියාව, මැදවච්චිය සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන්.
