Gossips

වාලච්චේනේදී ඔරුවක් පෙරලී එක් අයෙකු අතුරුදන්

වාලච්චේන – මීයන්මඩු වැවේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් තුන්දෙනෙකු ගමන් කළ ඔරුවක් පෙරලී ඉන් එක් අයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
ඔවුන් ගමන් කළ ඔරුව ඊයේ (17) මෙලෙස පෙරලී ඇති බවටයි පොලීසිය සදහන් කළේ.
අතුරුදන්වූ පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ඔහු 56 හැවිරිදි මීයන්මඩු ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.