Gossips

වාර විභාග ප්‍රතිඵල පාසල් වාරය අවසන් වීමට පෙර ලබාදෙන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස්

වාර විභාගවල ප්‍රතිඵල අදාළ පාසල් වාරය අවසන්වීමට පෙර ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
එම උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි විසින් නිකුත් කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
වාර විභාගවල ප්‍රතිඵල ප්‍රමාද කිරීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සාධනීය තත්ත්වයන් සහ ප්‍රගතිය මැන බැලීමේදී දරුවන් සහ දෙමව්පියන් අපහසුතාවට පත්වන බව නිරීක්ෂණය වී තිබෙනවා.
මෙම තත්ත්වය සැළකිල්ලට ගෙනයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ.
ඒ අනුව පාසල් දරුවන්ගේ ප්‍රගති වාර්තා මෙන්ම ශිෂ්‍ය සාධන වාර්තා අදාළ පාසල්වාරය අවසන් කෙරෙන දිනය වනවිට දෙමව්පියන් අතට පත් කළ යුතු වනවා.