Gossips

වාරියපොළ රිය අනතුරකින් පදිකයෙකු මරුට

වාරියපොළ – හලාවත මාර්ගයේ රඹෑවැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
වාරියපොළ සිට හලාවත දෙසට අද අලූයම ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් මියගොස් ඇත්තේ 61 හැවිරිදි ගල්ලෑපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම මේ අතර, බදුරලිය – අගලවත්ත – තුඹගල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ බදුරලියේ සිට අගලවත්ත දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.