පුත්තලම – කුරුණෑගල ප්රධාන මාර්ගයේ වාරියපොල – මාමුණුව ප්රදේශයේදී බවුසරයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ වාරියපොල සිට පාදෙනිය දෙසට ධාවනය වූ බවුසරයක ඉදිරියෙන් පැමිණි වෑන් රථයක් ගැටී ඇති බවයි.
පසුව එම වෑන් රථය මාර්ගය අසල නවතා තිබූ තවත් බවුසරයක ගැටී ඇති බව සදහන්.
අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරා සහ තවත් කාන්තාවක් වාරියපොල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ අඹන්පොල ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ධාවනය වෙමින් තිබූ බවුසරයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
rn