Gossips

වාරියපොළ මලගනේ වැවේ බිලිගත් ජීවිත දෙක ගොඩ එයි

මලගනේ වැවේ පතුලේ සැඟව ගිය ජීවිත දෙක හමුවේ
වාරියපොළ – මලගනේ වැවේ ඔරුවක් පෙරළීමෙන් අතුරුදන්වූ පුද්ගලයන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ (24) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
දන්සැලකට නෙළුම් කොළ කැඩීම සඳහා ගිය ඔරුවක් මෙලෙස පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ අතුරුදන් වුණා.
අනතුර සිදුවන පුද්ගලයන් පස් දෙනෙකු එහි ගමන් කර ඇති අතර, ඉන් තිදෙනෙකු පිහිනා දිවි ගලවාගෙන තිබෙනවා.
අතරුදන්ව සිට සොයාගත් පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු මේ වන විට කුරුණෑගල රෝහලේ තැන්පත්කර ඇති අතර අද (25) දින පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 48 සහ 20 යන වයස් සීමාවල පසුවන්නන් බව සඳහන්.