Gossips

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොළොන්නරුවේ උද්ඝෝෂණයක

පොළොන්නරුව – පරාක්‍රම සමුද්‍රයේ වාරිමාර්ග ඉංජිනේරුවරයාට බැන තර්ජනය කොට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සියලූම කාර්ය මණ්ඩල නිලධාරීන් අද පොළොන්නරුව නව නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා.
ඔවුන් චෝදනා කරන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවටයි.
මෙම උද්ඝෝෂණයට සහය පළ කිරීම සඳහා ගොවි සංවිධාන කිහිපයක් ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.