Gossips

වාර්තා පිට වාර්තා තබමින් කොල්කටාවට ජය ගෙන ආ ඊයේ රෑ IPL පිටිය උණුසුම් කළ තරඟය

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (12) පැවති තරඟයකින් කිංග්ස් ඉලවන් පන්ජාබ් පිල පරදවා වාර්තාගත ජයක් ලබන්නට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත් වුණා.
නයිට්රයිඩර්ස් පිල මෙම තරඟය ජය ගත්තේ ලකුණු 31කින්.
කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට තීරණාත්මක තරඟයක් වූ ඊයේ තරඟයේදී මෙවර තරඟාවලියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට කොල්කටා පිල සමත් වුණා.
ඒ පන්ජාබ් පන්දු යවන්නන්ට දරුණු පප්‍රහාරයක් එල්ල කරමින් කඩුලු 06 ක් දැවී ලකුණු 245 රැස්කරමින්.
කොල්කටා කණ්ඩායම ඊයේ වාර්තා කළ මෙම ලකුණු 245 අයි.පී.එල්. ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ සිව් වන වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්වෙමින් ඉතිහාසයට එක්වුණා.
එහිදී සුනිල් නරයින් පන්දු 36 කදී ලකුණු 75 ක් ද, දිනේෂ් කාර්තික් පන්දු 23කදී ලකුණු 50 ක් ද රැස් කළා.
මේ අනුව, පන්ජාබ් පිලට ජයග්‍රහණය සදහා ලකුණු 246ක් ඉලක්කයක් හිමිවුණා.
එම ඉලක්කය හඹා ගිය පන්ජාබ් ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කිරීමට හැකි වුණේ කඩුලු 08ක් දැවී ලකණු 214ක් පමණයි.
මේ අතර ඊයේ තරඟයේදී කොල්කටා ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමූ වේගපන්දු යවන ක්‍රීඩක ඇන්ඩෲ ටයි මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පළමු ස්ථානයට පැමිණීමට මේ වන විට සමත්ව තිබෙනවා.
තරඟයේ සුවිශේෂී අවස්ථා පහතින්.
rnrnrnrnrnrnrnrn